Song Title : Dama Doragulu (දමා දොරගුලු)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපාලි මල්දෙණිය
තනුව : ඩෙනිස්ටර් පෙරේරා
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
හද රුකෙහි ඔබ දෙව් දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදි අතු රිකිලි තුඟු
ගැණුනි මල් ඵල තුරු හිසේ
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා //
0 comments:
Post a Comment