ධෛර්යය රැගෙන ඉදිරියට ගමන් කළෙමි.ටික දුරක් එසේ ගමන් කරද්දී මා පිටුපසින් කවුරුන් හෝ පැමිණෙන බව මට හැඟිණි.මා ගමන නවතා පිටුපස හැරී බැලූ නමුත් කිසිවකු නොමැත.මා නැවත ගමන ආරම්භ කරද්දි නැවතත් මා පිටුපසින් කවුරුන්දෝ ගමන් කරන්නා බව මට හොඳටම දැනෙයි.මා නැවත නැවතී.පිටුපස බලද්දි මට දෙවියන් සිහිවිය.මදිති
ඇට මෙන් රතු සහ ගිනි බෝල මෙන් විශාල දෙනෙත් යුතු.කොන්ඩෙ නොපිරූ,කොණ්ඩය අවුල් සහගත වූ කලුම කලු භයානක යුවතියක් දුටු වෙමි.මා කොච්චර බියට පත් වුණා ද කිවහොත්.මට කෑ ගැසීමට පවා නොහැකි විය.මා මුඛයෙන් වචන පිට නොවී ය.දිවීමට කියා ඇවිදීමට වත් නොහැකි විය.මගේ කකුල් දෙක පන නැති විය.දෙවැනි මහලේ සිට පාලවෙනි මහල දක්වා ඇවිදීමට ඇති පඩි පෙල දිගේ බිමට ඇද වැටිණි.බිමට ඇද වැටුණු පසු නැවතත් මා නැගිට සේවා කාමරයට දිව ගියෙමි.නමුත් මා යාලුවන්ට එය පවසන්නේ කෙසේද .එය මට ලැජ්ජා සහගත දෙයකි.මා කිසිවෙකුටත් එය පැවසුවේ නැත.නමුත් ඒ වන විට මා දහඩියෙන් නෑවී හමාරය.මාව වෙව්ලයි එය මටද දැනේ.මා දුටු මාගේ මිත්‍රයකු මා සමීපයට පැමිණ මා හොලවද්දි තමා මම පියවි සිහියට පැමිණියේ.මා දුටු සියල්ල සිදු වූ දේ සියල්ල තේරුම් අරගෙන තිබුණි.ඔවුන්ට එය පුරුදු
ජවනිකාවකි.මොකද මෙවැනි සිදුවීම් සියල්ල ඇසින් දුටු ඒ නිසාවෙනි.ඔවුන් මාගේ නිවසට දුරකථන ඇමතුමක් දී සිදු වූ දේ පවසා මා නිවසට රැගෙන ගියේය.ඉනෙන් පහළ කොටස පණ නැති විය.ඇවිදීමට නොහැකි විය.ගෙදර ගිය පසු ඊළඟ දවසේ අපේ ගෙවල් ළඟ ඇති දේවාලයකට මා රැගෙන ගියේ ය.කපු මහත්තයට සියල්ල පවසා මට දෙහි කපා නුලක් අතේ ගැට ගැසූවත් මට කිසි සුවයක් නොමැති විය.මට තවමත් ඇවිදීමට නොහැකි විය.මුලු ඇඟම ගැහෙයි.පසුව තේවත්ත පල්ලියේ පියතුමකු ළඟට ගෙන ගිය මාගේ මෑනියන් පියතුමාට සියල්ල පවසන ලදි.පසුව පියතුමාගේ මෙසේ උඩ තිබූ විශාල කුරුසයක් රැගෙන මගේ හිස මත තබා යාච්ඤා කිරීම ආරම්භ කළේ.
විනාඩි කිහිපයක් තුළ මා සිහිසුන්ව බිමට ඇද වැටිණි.මා පියව් සිහියට පැමිණි විට මා තුළ තිබූ ඒ බියජනක හැඟීම් සියල්ල මගහැර ගොස් තිබුණි.සියල්ලන්ම පුදුම කරමින් මා හට ඇවිදීමට හැකි විය.පල්ලියේ පියතුමන් ආශිර්වාද කළ දී ජේසු මාලයක් මා ගෙලේ පළඳා.අශිර්වාද කර.නැවත කිසිම දේකට බය නොවෙන්න කියා පවසා.යන්න කීවේය.අපි පියතුමාගෙන් සමුගෙන ගෙදර ආවේ ඉමහත් සිත් සතුටෙනි.මා නැවත එම කර්මාන්ත ශාලාවට ගියේ නැත.මා මුහුන දුන් මෙම අද්දැකීම මට කිසිදා අමතක කරන්නද..?????......(නිමි)
0 comments:
Post a Comment