Wisal Pawuru Bidala Song Lyrics - විසල් පවුරු බිඳලා ගීතයේ පද පෙළ

Wisal Pawuru Bidala Song Lyrics - විසල් පවුරු බිඳලා ගීතයේ පද පෙළ

Wisal Pawuru Bidala Song Lyrics - විසල් පවුරු බිඳලා ගීතයේ පද පෙළ
Song Title : Wisal Pawuru Bidala (විසල් පවුරු බිඳලා)
ගායනය : අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රවි අළුත්ගේ
තනුව හා සංගීතය : රවි අළුත්ගේ


විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

දිය ගොඩ අහසේ
මහ පවුරක් සේ
නොසැලී නොබියව රළ පහරක් සේ ...//
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

ලක් දැය සුවසේ
එක පවුලක් සේ
එක්ව නැගෙන්නට කදු සිරසක් සේ //
දිවිහිමියෙන් ඔබ පෑ විකුමන්
කිසිදා අමතක කරණු කෙසේ

විසල් පවුරු බිඳලා
විසල් පවුරු බිඳලා
උතුරින් දකුණට
දකුණින් උතුරට
නෑගම් යන්නට පාර තනා දුන්නා
රණවිරුවනි ඔබ
පාර තනා දුන්නා
විසල් පවුරු බිඳලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment