Wile Malak Pipila Song Lyrics - විලේ මලක් පිපිලා ගීතයේ පද පෙළ

Wile Malak Pipila Song Lyrics - විලේ මලක් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Wile Malak Pipila (විලේ මලක් පිපිලා)
ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද හා තනුව : ආනන්ද සමරකෝන්


විලේ මලක් පිපිලා කදිමයි අර නෙළන්ට යමු මැණිකෝ
හඳහාමී අර එබී බලන්නේ අද නොවැ පොහොය සුදෝ

දෙන්න එ මල මට නෙළලා 
මුනිඳුන්ට කරමි එය පූජා
කර මා සිත ඇති එක ප්‍රාර්ථනා
පිරිසිදුවූ එ මල පුදා

කියන්න මට එය පහදාලා ඔබ සිතෙහී ඇති ඒ ප්‍රාර්ථනා
එන ජාතියෙදී කුසුමක් වෙන්ටයි මගේ එකම පැතුමා

ඇයිද අනේ ඔබ එලෙස පතන්නේ
කුමටද කුසුමක් වීලා
කුමාරිකාවක් වීමට නරකද
රූ සිරියෙන් දිලෙනා

රම්‍ය කුසුම නොකිලිටි වූ
වටිනාම වස්තුවකි ලෝකේ
කිලුටින් පිරි මේ මනුෂ්‍යාත්මේ
කෙලෙසද හොඳ මලට වඩා

පෙර ජාතියෙදී අපි දෙදෙනා
කෙලෙසද අහො ගියෙ වෙන්වීලා
අප ප්‍රේමේ මේ ලෙසම තබාගෙන
සසරින් ගැලවෙමුකෝ

පෙර ආත්මේ මෙලෙසම උපදින්ටයි
මගේ පැතුම මැණිකේ
ඔබ කුසුමක් වී මා මිනිසෙක් වී
පවති ද අප ප්‍රේමේ

මලක් වෙලා මම ඉපදී
සිටිනා සඳ විල මැද සුපිපී
ඔබ ඇවිත් නෙළයි බොහො දයාවෙනී
නොම පවතිද අප ප්‍රේමේ

නෙළන්නෙ කුමටද එ මල අනේ
ටිකකින් මැලවී යනවා නේ

නෙළා ගොසින් මුනිඳුන්ට පුදන්නේ
සැබෑ ප්‍රේමෙ එයවේ

මමත් මලක් මුනිඳුන්ට පුදාලා
කරනෙමි එක යැදුමක්
පෙර ජාතියෙ මා බඹරෙක් වේවා ඒ මල රොන් ගන්නා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment