Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ

Wijjulathawiya Song Lyrics - විජ්ජුලතාවිය ගීතයේ පද පෙළ
Song Title : Wijjulathawiya (විජ්ජුලතාවිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : සුනිමල් විතානගේ
තනුව : රංග දසනායක


විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

ඉන්දීවරියේ
අප්සරාවියේ
විලි වැඩුනා ලද මල්වරියේ
ධරිත ප්‍රභාවයි
ශෂ්‍යලේඛාවයි
හැම දන හද සොමි රුවන් ගැබේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

තිසර ධේනුවේ
හද විල් තෙරෙහී
සදා සරණ ලද පින්බරියේ
ඉන්ද්‍ර දිශාවයි දිවි සූර්යාවයි
ලලිත සිතක නිති ජයක් ඇඹේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ
චිත්තග සජ්ජිත
සමන්ත භද්‍රය
ඔබයි සදා ලෝකේ

විජ්ජුලතාවිය
ලොව සැරසූ ලිය
මාලති මාලිය
හදවත්ධාරිය
මිහිකත ධරණිය
කුණ්ඩලකේශීය

යශෝධරා වු උත්තම මෑණිය
ඔබ කුලවමියයි
රංජනියයි ලෝකේ
ලෝකේ
ලෝකේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment