පරණ බිරිද අලුත් බිරිදට වින කරයි (Whife)

පරණ බිරිද අලුත් බිරිදට වින කරයි (Whife) - Your Choice Way

ඇය අපේ තාත්ත ගේ අම්මාගේ බාලම නැගනියයි. ඇය කොළඹ බාලිකාවක නැවතී අකුරු කරන සමයේ එම පාසල අසලම පිහිටි ඉහල පෙලේ පිරිමි පාසලක සිසුවකු සමග සබදතාවක් ගොඩ නගා ගන්නා ලදින් එය ආරංචිවූ ඇගේ පියා නැවත ඈ නිවසට රැගෙනවිත් තමා ලග නවතාගන්නා ලදී.

ඉන් අනතුරුව ඈ පනාගොඩ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරිකයෙක් හා සරණ බන්දා පිටත් කර හරින ලදී. එයින් ඈ පිරිමි දරුවකු ලැබුනු අතර, ඇගේ සැමියා දඩබ්බර ගති පැවතුම් ඇති සෙල්ලක්කාරයකු බව පැවසේ. එසේ උවද පවුල් ජීවිතයේ අවුල් ඇති නොවනසේ පවත්වාගැනීමට ඔහුට හැකියාවක් ලැබී ඇත.

පුතනුවන් වැඩිවියට එලඹීමෙන් පසු අධ්‍යාපනය සදහා රටින් පිටවූ අතර එහිදී හැදිනගත් එංගලන්තයේ සුදු යුවතියක සමග විවාහ විය. ඇය සිය පුතුගේ සම්බන්ධයට මුලින් විරුද්ධ වුවත් පසුව කැමතිවී ලංකාවේ පල්ලියකම විවාහය සිදුකරන ලදී. විවාහයෙන් අනතුරුව පුතා සහ ලේලිය රටින් පිටවී පදිංචි විය. පනාගොඩ ආච්චිත් සීයාත් ලංකාවෙ නිවසේ විසීය.

එම නිවස සීයාගේ මහගෙදර විය. නිවස වටාම කුලුණු වලින් සැදි ඉස්තෝප්පුවක් විය, ඉතා විශාල කාමර හා සාල වලින් යුත් එහි ජනේල ඉතා කුඩා විය එසේම බිත්ති ඉතා උස් විය. මෙම නිවසේ සේවකයන් වාසය කලේ ගෙයින් පිටුපස තැනූ වෙනම නිවසකය.

අධික බීමත් කමින් සීයා මියයන්නේ හදිසියේය, ව්‍යාපාර සියල්ල ඇගේ පාලනයට යටත් වන්නට වූ අතර ඈ හොද ව්‍යාපාරික කාන්තාවක් වූවාය. දිනක් කොළඹ ඉහල පෙලේ හෝටලයක පැවති මංගල උත්සවයකදී ඇගේ පරණ පෙම්වතා අහඹු ලෙස මුන ගැසීමෙන් දෙදෙනාගේ හිතවත්කම අලුත්වේ, ඔහු ඒ වන විට තිදරු පියකුවූ අතර බිරිද සමග වාසය කලේය.

ඉන් අනතුරුව නිතර නිතර ඔවුන් හමුවීම සොබාවික විය, සමහර දිනක ඔහු ඇගේ නිවසේ රැයද පහන් කලේය. මෙය ඔහුගේ බිරිද දැනගත් පසු තත්වය දරුනු විය. එම පවුලේ ගැටුම් නිසා අවසන ඔහුගේ බිරිඳ වස පානය කලාය. එයින් පසු නිදහස් අයකුවූ ඇගේ සැමියා පනාගොඩ නිවසේ නැවතීමට පටන්ගත්තේය. මරණයෙන් මාස 4 පසු ඔවුන් විවාහ වූයෙ විශාල සාදයකිනි. විවාහයෙන් පසු සැමියාගේ නිවසට පදිංචියට ගිය ඔවුන් එහිදී බරපතළ ගැටලු වලට මුහුන දෙන ලදී

එම නිවස එවකට නවීන පන්නයේ නිවසක් විය, නමුත් ස්වාමිදුවගේ මරනයෙන් පසු එය පාලු කතරක් බවට පත් විය, ඒ වන විට විවාහව සිටි දරුවන් පදිංචි ව සිටියේ වෙනම නිවාස වල වූහ, නව යුවල එම නිවසේ පදිංචියට පැමිනීමෙන් ටික කලක් ගත වන තුරු ඔවුන් ඉතා සතුටින් කාලය ගත කරන ලද්දෝය.

විවාහයෙන් මසක් දෙකක් ගිය කල ඇගේ හැසිරීම මදින් මද වෙනස් වීමට පටන් ගන්නා ලදී, නිතරම කෝප වීම, නිදිමත ස්වභාවය ආදී ගති පහල වීම අහේතුක විය, කොතරම් වෙදකම් කලද ඉන් පලක් අත් නොවුනේ නමුදු වෙදකම් කිරීම අත් නොහරින ලදී, සුන්දරව පිරිපුන්ව සිටි ඇය කෙට්ටු වීමට පටන් ගත්තාය, ඇය ඇගේ ගැනවත් නොසලකන තතවයට පත්වීය. නමුත් ඇගේ සැමියා නම් ඈට ඇති ආදරය අඩු නොකලාය,කලක් රෝගීව සිටි ඇය නිරන්තර තනිවම කියවීමට පටන් ගත්තීය, මානසික සම්බන්ධ වෙදුන්ට පවා ඇගේ රෝගය සොයාගැනීමට දුශ්කර විය.

දිනක් දුර බැහැරක සිටින වෙදකු මාර්ගයෙන් ගුරුන්නාන්සේ කෙනෙක් ගෙන්වා බලන්නට ඔවුනට සිතුනි. එහිදී ඔහු පවසා තිබුනේ ඇගේ සැමියාගේ පරණ බිරිද ඇගේ ඇගට ඇතුල්ව ඇයට ශාරිරික පීඩා සිදු කරන බවයි

මහා විශාල තොවිලයක් සූදානම් කර ඔවුන් විසින් එම ආත්මය පලවා හරින ලදී.

ඉන් අනතුරුව ඔවුන් මිය යන තුරාම සතුටින් ජීවත් විය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පරණ බිරිද අලුත් බිරිදට වින කරයි (Whife) පරණ බිරිද අලුත් බිරිදට වින කරයි (Whife) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment