Thumula Bala Athi Song Lyrics - තුමුල බල ඇති ගීතයේ පද පෙළ

Thumula Bala Athi Song Lyrics - තුමුල බල ඇති ගීතයේ පද පෙළ
Song Title : Thumula Bala Athi (තුමුල බල ඇති)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : උපුල් ජයමාන්න
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල //

ඉරා සළු පට බැඳුනු නෙතු යුග
තරාදිය ගෙන හෙළා ගඟ දිය
තලා අසිපත නසා එහි බල
පසිඳලිය හැකිවේද යුක්තිය

තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල

ධවල සළු පිළි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් ගරා හැලුණිද
ඔබේ ගත රැඳි දුහුල් සළුපොට
හමන සුළඟට ඉගිල යාවිද

තුමුල බල ඇති තෙදැති දෙවඟන
සැකයි මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ දෙවොලේ යහන පාමුල //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment