Song Title : Thattu Karanna Hemin (තට්ටු කරන්න හෙමින්)
ගායනය : අනුලා බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.
තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //
තට්ටු කරන්න හෙමින් //
මගේ විමානේ
දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින් //
දෙපා තබන්න හෙමින් //
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින් //
මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් //
මා වෙත එන්න පෙමින් //
මගෙ මී බඳුනේ මධු රස ඔබටයි
මා වෙත එන්න පෙමින් ///
0 comments:
Post a Comment