Sunila Guwane Paya Song Lyrics - සුනිල ගුවනෙ පායා ගීතයේ පද පෙළ

Sunila Guwane Paya Song Lyrics - සුනිල ගුවනෙ පායා ගීතයේ පද පෙළ
Song Title : Sunila Guwane Paya (සුනිල ගුවනෙ පායා)
ගායකය : ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව : ආනන්ද සමරකෝන්


සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

අවට තාරකා මුතු මෙන් දිළිසේ
වලාකුළින් තොර වූ අහසේ

විලේ විලේ පියුම් දිළේ //

වැදී ජලය ලෙළ දේ
මනහර ඒ සඳ කැන් දහරා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

සුනිල දියේ රැළ නැඟ ඒ
මද මරු හමන වෙලේ

රිදී බුබුළු මෙන් තරඟෙට පාවේ //
මතුපිට සුනිල් ජලේ
මද මරු හා කරමින ක්‍රීඩා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

නෙළමු පියුම් මේ රෑ පොහොදා
කරනට මුනි පූජා //
සැදේ සැදේ ඉන් සඟ මොක් සැපතා //
ප්‍රේම සැපත හා ශ්‍රී සෞභාග්‍යා

පතා කරමු පූජා
සුපිපුණ මේ කුසුමන් නෙළලා

සුනිල ගුවනෙ පායා දිළෙන්නා පුන්සිසි මනහාරා
විහිදාලා සිය රැස් දහරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment