Sugandhika Song Lyrics - සුගන්ධිකා ගීතයේ පද පෙළ

Sugandhika Song Lyrics - සුගන්ධිකා ගීතයේ පද පෙළ
Song Title : Sugandhika (සුගන්ධිකා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රංජිත් රූපසිංහ
තනුව : දර්ශන රුවන් දිසානායක


සුදු කන්දට සඳ ළංවන රාත්‍රියේ
සිනහ අරන් ඔබ ආවා හිමින් සැරේ
හදේ පිරුණු ප්‍රේමය රන් පියුමක් සේ
මට දැනුණා ඔබ මා ළඟ උන් මොහොතේ

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා

වැව් දිය මත කැලතෙන සඳ
රෑ හීනෙක බොඳ වී තිබුණා
නිල් මහනෙල් මල් යායක
ඔබේ සුවඳ මුසුවී දැනුණා

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා

රන්කොත් වෙහෙරට ගිය හිත
යළිත් ඇවිත් හිත විමසාවි
මා පමණයි මේ වැව ළඟ
අතීතයේ ඔබ හැංගෙනවා

සුගන්ධිකා
මා ආදර සුගන්ධිකා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment