Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන්

Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන්
Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා)
පද හා තනුව : ආනන්ද සමරකෝන්


නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී
සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ මාතා //

ඔබ වේ අප විද්‍යා
ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී
අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ
නැවත අප අවදිකරන් මාතා
ඥාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකුගෙ දරු කැළ බැවිනා යමු යමු වී නො පමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා //

අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ මාතා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment