Rathu Rosa Mal Yaye Song Lyrics - රතු රෝස මල් යායේ ගීතයේ පද පෙළ

Rathu Rosa Mal Yaye Song Lyrics - රතු රෝස මල් යායේ ගීතයේ පද පෙළ
Song Title : Rathu Rosa Mal Yaye (රතු රෝස මල් යායේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : කුමාරදාස සපුකන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

ගං හෝ සිඳී වියළී
පිපි මල් සැලී මැලවී
සඳ තාරකා නොනැඟී එදා
තනිවී හිඳී අඳුරේ

රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

බොඳ සීත සඳ එළියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා
සිහිනෙන් අසා
දෙනුවන් හිඳී නොනිදා

රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා
ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment