ඔන්න අද මං ඔයාලට ගෙනාවෙ බත් වලින් හදපු පොල් රොටි. තුන් වේලම බත් කන්න අමාරුයි නේද , එහෙනම් ඉතිං ඉතුරු බත් ටික අපතේ දාන්නෙ නැතුව මේ වගේ වෙනසක් කරලා බලමු නේද 😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 💧 බත් කෝප්ප 2 ක්
- 💧 පාන්පිටි හෝ හාල් පිටි කෝප්ප 1 ක්
- 💧 පොල් කෝප්ප 1 ක්
- 💧 අවශ්‍ය පමණ ලුනු
- 💧 වතුර මේස හැඳි 1 ක් පමණ
✅ සාදා ගන්නා ආකාරය :
- ♨️ බත් ටික වතුර මේස හැන්ඳක් පමණ එක් කර ග්‍රයින්ඩ් කර ගන්න.
- ♨️ ග්‍රයින්ඩ් කර ගත් බත් ටිකට පොල්, ලුනු සහ පාන් පිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් අනා ගන්න.
- ♨️ තෙත ගතිය වැඩි නම් තව පිටි ටිකක් එකතු කරන්න.
- ♨️ රොටි පදමට අනාගත් පසු කුඩා කොටස් වලට වෙන් කර බෝල සාදා ගන්න . මේ ප්‍රමාණයෙන් මම රොටි 6 කට වෙන් කලා.
- ♨️ දැන් පිටි ඉස ගත් මතුපිටක දමා රොටි තුනී කර ගන්න. අවශ්‍ය නම් රෝලින් පින් එකක් පාවිච්චි කරන්න පුලුවන්.
- ♨️ අවසානයට රත් කරගත් රොටි තැටියක දමා රන්වන් පැහැ වනතුරු දෙපැත්ත දමා පුලුස්සා ගන්න.
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment