Podi Mal Ethano Song Lyrics - පොඩි මල් එතනෝ ගීතයේ පද පෙළ

Podi Mal Ethano Song Lyrics - පොඩි මල් එතනෝ ගීතයේ පද පෙළ
Song Title : Podi Mal Ethano (පොඩි මල් එතනෝ)
ගායනය : ආනන්ද සමරකෝන් සහ වී.පී. ලීලාවතී
පද හා තනුව : ආනන්ද සමරකෝන්


ආ... ආආ.. ආ... ආ ආ.. අආ...

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළඳේ
කදිමට කවි කියන්නේ
හිඳ තනියම ගං තෙරේ
පොඩි මල් එතනා
සුරතල් එතනා
පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

අතු අග අර සිටින ඒ
රන ගිරවිට ඇසෙන සේ
කියන්නෙ කවි මේ ලෙසේ
නිකමට සිතුනා
නිකමට සිතුනා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

හා හා ඔය බොරු එපා
දන්නව මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ
කවිය කියන්නේ
සුරතල් එතනා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

අහසේ හිරු බැස යතේ
කුරුලෝ ඉගිලී යතේ
ගඟ දිය සුළඟින් නැගේ
බලන්න මහිමේ
බලන්න මහිමේ

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

හැබෑට ලස්සණ තමයි
එතනගෙ රුව කදිමමයි
මූණ පොසොන් සඳ වගෙයි
රැස් විහිදෙන්නා
රැස් විහිදෙන්නා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

මගෙ හැඩ මොකටද අනේ
නොකියම එය බැරුව නේ
බලන්න ඉර ගිලුණ නේ
අඳුරත් වැටුණා
අඳුරත් වැටුණා

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

පොඩි එතනා බය හැඩයි
සඳ අර අහසේ නැඟෙයි
මා නිතරම ඔබ ළඟයි
මගෙ මල් එතනෝ
මගෙ මල් එතනෝ

පොඩි මල් එතනෝ සුරතල් එතනෝ

පීනමු පෙම් සාගරේ
එතෙරට යමු දෙව් පුරේ
නෙක සිරි සැප විඳිමිනේ
ප්‍රේමෙන සැමදා
ප්‍රේමෙන සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment