Song Title : Pipi Mal Vila Men (පිපි මල් විල මෙන්)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එම්.කේ. රොක්සාමි
පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන
නළවාලු මා ඔන්චිල්ලේ
හඳපාන වැනි රන් සියුමැල්ලේ //
පිපි මල් විල මෙන් හිත ලස්සන
වසන්තයෙ මාගෙ ජීවිතයේ
ඔබයි ප්රිය චාරුදේහිනියේ
හෙටක් ඇති බැව් මටත් මෙ ලොවේ
ඔබෙනි අවබෝධ වී ඇත්තේ //
පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන
අතීතේ පාවෙලා යද්දෙන්
සෙමෙන් ඔබ එන්න එය මැද්දෙන්
ඔබේ නිලුපුල් නුවන් අතරේ
නුහුරු දෙලොවක් පෙනේ සොඳුරේ //
පිපි මල් විල මෙන් හිත ලස්සන
දෙතොලෙන් හසකැන් වැසි වස්සන ////
0 comments:
Post a Comment