Pama Wela Song Lyrics - පමා වෙලා ගීතයේ පද පෙළ

Pama Wela Song Lyrics - පමා වෙලා ගීතයේ පද පෙළ
Song Title : Pama Wela (පමා වෙලා)
Artist : Samitha Mudunkotuwa
Music : Nawarathne Gamage
Lyrics : Chandani Kodithuwakku
Mixed & Mastered : Saduru Gamage
Video : Lashan Sanjeewa


පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සඳු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුඹද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

තව්තිසාවේ මග සලකුනු දැනෙනවද
පර සතු උයනේ සැතපී අපි ඉන්නවද
අමා ගගුලෙ අප කිමිදී සැනසුනිද
සිළුමිණ සෑය බිද අපි පව් ගෙවනවද

රැහැයි නදක හඩ මිහිරත් නොදැනුනිද
සයුරු රළක පෙරලෙන නද අමිහිරිද
ගැහෙන හදට පෙම් සුව රස තහනම් ද
නියම් කලට ආපු වැස්ස අනියම්ද

පමා වෙලා ආ නුඹ මට හිරුද රිදී
වලාකුලෙන් බැස ආ සඳු මට ද හිමි
හිම වැස්සක ගිනි පුළිගුව නුඹද සිතේ
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී
තැවි තැවි යනවා මගෙ මේ හදවතම රිදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment