මේ වාසියෙන් උපරිම ඵල නෙළා ගැනීමට සමත් වූ සෝවියට්වරුන් බාර්බරෝසා මෙහෙයුමේ (නාසි ජර්මනිය විසින් සෝවියට් සංගමය ආක්‍රමණය කිරීම හැඳින්වූ නම) තුන්වන සංවත්සරය යෙදී තිබූ 1944 ජුනි 22 වෙනිදා "බැග්රේෂන් මෙහෙයුම" නම් මෙහෙයුම දියත් කරන ලදී. මෙය මිලිටරි ඉතිහාසයේ සිදු වූ විශාලතම ප්‍රහාරයක් පමණක් වූවා නොව එය අතිවිශිෂ්ට අයුරින් සාර්ථකද විය. එපමණක් නොව 1945 යුද්ධය අවසන් වීම සඳහාද එමගින් සිදු වූ බලපෑමද සුළුපටු එකක් නොවීය. එහෙත් වර්තමානය වන විට මෙම මෙහෙයුම ඉතිහාසයේ සැඟව ගොස් ඇත.
ස්ටාලින්ග්‍රෑඩ් සටනෙන් සහ ඉන් පසුව කර්ස්ක්හිදී සිදු වූ පරාජයෙන් පසුව ජර්මානුවන් සෝවියට් දේශයෙන් ඉක්මනින් පසුබසිමින් සිටියහ. උතුරේ ජර්මානු හමුදා කණ්ඩායමද ලෙනින්ග්‍රෑඩ් වටලෑමෙන් පසුව පසුබසිමින් සිටි අතර දකුණේදී ක්රිමියානු අර්ධද්වීපයෙන් ජර්මානුවන් පලවා හැරීමටද සෝවියට් දේශය සමත් විය. 1944 ජුනි මාසය වන විට ජර්මානුවන්ට යුද්ධයේ පළමු වසර දෙක තුළදී දිනා ගත් ප්‍රදේශයෙන් වැඩි ප්‍රමාණයක් අහිමි විය.
ජර්මානු උසස් අණ දෙන නිලධාරීන් දිනෙන් දින ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබූ පෙරමුණකට නායකත්වය දෙමින් සිටින ලදී. මිත්‍ර පාක්ෂිකයින් ප්‍රංශයෙන් ඉදිරියට ඇදෙමින් සිටි අතර ඊට අමතරව ඉතාලියේද ඉදිරියට එමින් සිටියහ. ඒ අතරතුර සෝවියට් දේශය විසින් දැඩි ප්‍රහාර එල්ල කරමින් ජර්මානු හමුදාව යුක්රේනයෙන් පිටතට තල්ලු කරමින් සිටියහ. සෑම පැත්තකින්ම ප්‍රහාර එල්ල වෙද්දී ඒවාට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් තරම් මිනිසුන්, ටැංකි සහ ගුවන් යානා ජර්මනිය සතුව නොතිබුණි. මෙය සෝවියට් යුධ සැලසුම්කරුවන් ලබා ගත් විශාල වාසියක් විය.
ජර්මානුවන් විසින් රුසියාවෙන් ගිම්හානයේදී එල්ල විය හැකි අනිවාර්ය ප්‍රහාරයකට සූදානම් වෙමින් සිටියද එම ප්‍රහාරය කේන්ද්‍රගත වන්නේ කොතැනටදැයි ඔවුන් නොදැන සිටියහ. ඔවුන් බොහෝ දුරට විශ්වාස කළේ මෙම ප්‍රහාරය උතුරින් ලෙනින්ග්‍රෑඩ් වටා හෝ බෙලරුසියාව මධ්‍යයේ හෝ සෝවියට්වරුන් මෑතකදී යුක්රේනයේදී ලැබූ ජයග්‍රහණ නිසා එම ප්‍රදේශයට හෝ සිදු කරනු ඇති බවයි. ප්‍රහාරය සිදු වන්නේ කොහේටද යන්න පිළිබඳ නොදැන සිටි නිසා ජර්මානුවන් තව දුරටත් රවටා ඔවුන් සෑම තැනටම විසුරුවා හැරීමටද මේ නිසා හැකි විය.
මේ අතරතුර සති ගණනාවක් තිස්සේ සෝවියට් හමුදාව බෙලෝරුසියාව අවට ප්‍රදේශයේ ආරක්ෂාව ඉතා ශක්තිමත් කරන ලදී. නමුත් ඔවුන් එය සිදු කළේ ඉතා රහසිගතවය. ඔවුන් අත්‍යවශ්‍ය සැපයුම් පවා ගෙන එන ලද්දේ රාත්‍රියේ රහසිගතවය. මේ ආකාරයට ජර්මානුවන්ගේ ඇසට හසු නොවී බෙලෝරුසියාවේ යුධ පෙරමුණ දැවැන්ත ලෙස ශක්තිමත් කර ගැනීමට සෝවියට් හමුදාව සමත් විය.
බෙලොරුසියාවේ භූමි ප්‍රදේශය දැඩි කැලෑවකින් යුක්ත වූ අතර එය බිම් බෝම්බ වලින් පිරී ඉතිරී තිබුණි. එමෙන්ම එම ප්‍රදේශය මඩ වගුරු සහ වගුරුබිම් වලින් පිරී තිබූ අතර ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඉතා අවසිසහගත ප්‍රදේශයක් විය. නමුත් රුසියානුවන් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළේ හරියටම එතැනිනි.
උතුරේදී සහ දකුණේදී සිදු වූ විශාල හානි හේතුවෙන් ජර්මානු හමුදා කණ්ඩායම් රුසියානු පෙරමුණේ රේඛාවක් ලෙස ව්‍යාප්ත වී සිටිනු ලැබීය. මෙය සෝවියට් හමුදාවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට හොඳ අවස්ථාවක් විය. විවිධ දිශාවන්ගෙන් සතුරා සිටින ස්ථානයට සමීප සම්බන්ධීකරණ බලකා දෙකක් විසින් එල්ල කරන සාර්ථක ප්‍රහාරයක් මගින් ඔවුන් බලාපොරත්තු වූයේ මින්ස්ක් අවට සිටි ජර්මානු හමුදාව විනාශ කර දැමීමටය.
ප්‍රංශයේ මිත්‍ර හමුදා ගොඩබැසීමට සහ ජර්මානුවන්ගේ අසංවිධානාත්මක පසුබැසීම් වලට ස්තූතිවන්ත ජර්මානුවන්ට බෙලොරුසියානු පෙරමුණ ශක්තිමත් කර ගැනීමට නොහැකි විය. ඒ අනුව 1944 ජුනි මස 22 දින ජර්මානුවන් පුදුමයට පත් කරමින් රුසියානුවන් සිය ප්‍රහාරය දියත් කළහ.
රුසියානු සැලැස්ම අති සාර්ථකව ක්‍රියාත්මක විය. ජර්මානුවන් මවිතයට පත් වූ අතර මෙම ප්‍රහාරය පිළිබඳ ඔවුන් සතුව කිසිදු බුද්ධිමය වාර්තාවක් නොතිබූ අතර ඊට අමතරව ඔවුන්ට කිසිදු ගුවන් සහයක්ද නොලැබිණි. මින්ස්ක් ප්‍රහාරයේදී සෝවියට් හමුදා බෙලෝරුසියා හි සිටි ජර්මානු හමුදා කණ්ඩායම් අතිමහත් බහුතරය මුළුමනින්ම වට කර විනාශ කළහ.
එමෙන්ම මින්ස්ක් නගරය ආශ්‍රිතව පැවති දරුණු සටනේදී එක් සතියක කාලයකදී ජර්මානුවන්ට සොල්දාදුවන් 100,000 ක් පමණ අහිමි වූ බවට ගණන් බලා ඇත. එක් සතියක් තුළ මෙතරම් විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් අහිමි වීමෙන් ජර්මානු හමුදාව තුළ අවුල් ජාලාවක් ඇති විය. ඊට අමතරව සෝවියට් ගුවන් යානා අහසේ ආධිපත්‍යය දැරූ අතර ජර්මානු හමුදා විනාශ කර දැමීමට ඔවුන් සමත් විය. පසුබැසීම ඉක්මනින්ම සිදු වූ අතර සෝවියට් හමුදාව සිය දැඩි ප්‍රහාරය දිගටම කරගෙන යන ලදී.
නව උපක්‍රම භාවිතා කරමින් සහ ජර්මානුවන්ගේ දුබලතා හඳුනා ගනිමින් බෙලරුසියාවේදී ජර්මානු ප්‍රතිරෝධය සෝවියට් සෙබළුන් විසින් පුදුමයට පත් කර අවසානයේදී විනාශ කර දැමීමට සමත් විය. 1941 දී ඉතා සාහසික ලෙස තමන්ට අහිමි වූ භූමිය යළි නිදහස් කර ගැනීමට සෝවියට් දේශය සමත් විය. මින්ක්ස්, විටෙබ්ස්ක්, මොගිලෙව්, පොලොට්ස්ක් වැනි නගරයෙන් නගරයට ඉදිරියට ඇදුනු ඔවුන් අවසානයේ බර්ලිනයට යන තුරුම මෙම වේගය මන්දගාමී කර නොගැනීමට වග බලා ගන්නා ලදී.
මෙය මානව ඉතිහාසයේ සිදු වූ විශාලතම හමුදා මෙහෙයුම් වලින් එකකි. දෙපාර්ශවයේම මිලියන 2.3 ක භටයින් මෙහිදී යුධ වදින ලදී. ජර්මානු ජීවිත 400,000 ක් පමණ එහිදී අහිමි වූ අතර එයින් 100,000 ක් පමණ එක් සතියක සටනකින් පමණක් විනාශ විය.
ජුනි 22 සිට අගෝස්තු 19 දක්වා කාලය තුළදී බෙලෝරුසියාව මුළුමනින්ම නිදහස් විය. ප්‍රධාන නගර දුසිම් ගණනක් සහ දුම්රිය මධ්‍යස්ථාන නැවත අල්ලා ගන්නා ලදි. විශ්මය ජනක සති දෙකකින් පසු ජර්මනියේ හමුදා කණ්ඩායම් මධ්‍යස්ථානය බිඳ වැටුණු අතර 1941 සිට ඔවුන් අල්ලාගෙන සිටි බෙලෝරුසියානු භූමිය මුළුමනින්ම ඔවුන්ට අහිමි විය.
මෙම සටනේදී ජර්මානු සෙබළුන් 400,000කට පමණ සිය දිවි අහිමි වූ අතර සෝවියට් භටයන් 550,000ක් මිය යන ලදී. ඊට අමතරව යුධ ටැංකි 3,000කුත්, කාලතුවක්කු 2,500කූත්, ගුවන් යානා 900කුත් විනාශ වන ලදී. මෙහිදී දිනකට සිදු වූ ජීවිත හානි අතිමහත් ය. මෙම ලේ වැකි දින 58 ක කාලය තුළදී දෙපැත්තේම යුද්ධයෙන් ජීවිත හානි 950,000 ක් සිදු විය. එනම් සාමාන්‍යයෙන් දිනකට ජීවිත හානි 16,379ක් පමණ සිදුව ඇත. එමෙන්ම මෙහි විශාලත්වය සහ සාර්ථකත්වය අනුව මෙය ඉතිහාසයේ සෝවියට්වරුන් විසින් සිදු කළ විශාලතම ප්‍රහාරය ලෙස සැලකේ.
බැග්රේෂන් මෙහෙයුම රුසියාවේ පුළුල් ලෙස සමරනු ලබන නමුත් බටහිර රටවල් එය සෑම විටම අමතක කර දැමීමට උත්සාහ ගනිමින් සිටි. නාසි ජර්මනිය බිඳ වැටීම සඳහා ඩී-ඩේ ප්‍රහාරය වැදගත් වූවා සේම බැග්රේෂන් මෙහෙයුම ද එලෙසම වැදගත් විය. මෙම දැවැන්ත ප්‍රහාර දෙකම ජර්මානු හමුදාව එහි බිඳවැටීමේ ලක්ෂ්‍යය දක්වා ගෙන ඒමට එක ලෙස දායක විය. එමෙන්ම මෙම එක් ප්‍රහාරයක් අනෙක නොමැතිව සිදු වූයේ නම් එහි ප්‍රතිඵලය බොහෝ ලෙස වෙනස් වීමටද ඉඩ තිබුණි. එම නිසා බැග්රේෂන් මෙහෙයුම යනු දෙවන ලෝක යුද්ධයේ ඉතා වැදගත් මෙහෙයුමක් වන අතරම එය ඉතිහාසයේ සිදු වූ ඉතා වැදගත් යුධ ව්‍යාපාරයන්ගෙන් ද එකකි.
0 comments:
Post a Comment