Oba Wage Sudu Rosa Kusumak Song Lyrics - ඔබ වාගෙ සුදු රෝස කුසුමක් ගීතයේ පද පෙළ

Oba Wage Sudu Rosa Kusumak Song Lyrics - ඔබ වාගෙ සුදු රෝස කුසුමක් ගීතයේ පද පෙළ
Song Title : Oba Wage Sudu Rosa Kusumak (ඔබ වාගෙ සුදු රෝස කුසුමක්)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : නිමල් ජයකොඩි


ඔබ වාගෙ සුදු රෝස
අමරසිරි සමග සන්ද්‍යා ඉලේපෙරුම
ස නිමල් ජයකොඩි
අජන්තා රණසිංහ

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා //

මනමාල නෙතු දීප්ති බැල්මේ පවා
පොපියාවි ඇදිලා නුරා පෙම් හැඟුම්

ඉඳු නීල මගෙ දෑස මනමාල නෑ
රිදවූවොතින් යන්න යනවා ඉතින්

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා

මල් පොකුරු දෑතින් පුරෝලා අරන්
ඔබෙ සේද පා පුංචි සරසන්නෙදෝ

අද වාගෙ හැම ජන්මයෙන් ජන්මයේ
මට ළංවෙලා මෙහෙම ළඟ ඉන්නකෝ
සංගා හැඟුම් මේ ආදරේ
ආනන්ද පෙම් ගීතයේ

ඔබ වාගෙ සුදු රෝස කුසුමක් සොයා
මල් උයන පීරා ගියා
ඔච්චම් කරන්නේද ඔබ දැන් ප්‍රියේ
මං රෝස මලකැයි කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment