Nuba Lagin Siti Da Song Lyrics - නුඹ ළඟින් සිටි දා ගීතයේ පද පෙළ

Nuba Lagin Siti Da Song Lyrics - නුඹ ළඟින් සිටි දා ගීතයේ පද පෙළ
Song Title : Nuba Lagin Siti Da (නුඹ ළඟින් සිටි දා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව : දර්ශන රුවන් දිසානායක


නුඹ ළඟින් සිටි දා කියන්නට බැරිවුණු
කටු අකුරු කැබිලිති හරියටම නොලියුණ
කවියක් ව ලියැවුණු
හුදකලා මේ රෑ
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

රස කවි ලියන්නට හිතුණු දා
කවි නිමිති උදුරා
කවි වරම් නොමදුන්
කවි වදන්  සඟවා
කවි සිතට ගැරහුම්
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

රස ගී තනන්නට හිතුණු දා
හද විලම කළඹා
දී තැවුල් රිදවුම්
ගී කළල උදුරා
ගී සිතට වද දුන්
අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

අනේ නුඹ
මගේ ගී හඬ ඇසෙන දුරකින් හිඳී නම්
අනේ නුඹ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment