Song Title : Netha Nethata Hora (නෙත නෙතට හොරා)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : අමල් පෙරේරා
ගී පද : හිමාලි සයුරංගි
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ
සඳ පෙනෙන රැයේ
ඔබ ළඟට වෙලා
මුදු හාදු ගෙලේ තවරයි
ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා
නිදි නැද්ද මගේ හදෙහී
නිදියන්න මගේ හදෙහී
ඔඛෙ සුවඳ රැයේ
මල් බිමට නැවේ
පිණි කැකුළු පවා හැකිලේ
මේ මතක විලේ තව එකම වරක්
හිනැහෙන්න මගේ පියුමී
හිනැහෙන්න මගේ පියුමී
නෙත නෙතට හොරා
හද පතුල බලා
පද බැන්ද සුපෙම් කවියේ
නද තාල සිඳී පද පේලි බිඳී
සිත කෑලි කැඩී විසිරේ
0 comments:
Post a Comment