Narthana Leela Song Lyrics - නර්තන ලීලා ගීතයේ පද පෙළ

Narthana Leela Song Lyrics - නර්තන ලීලා ගීතයේ පද පෙළ
Song Title : Narthana Leela (නර්තන ලීලා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අනුර ප්‍රසන්න
තනුව : නවරත්න ගමගේ


නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිතු මායා අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

සුවහස් දන මන සනහන නළවන
විදුලිය ලෙස නෙත් කැළුම් විදාලන //

හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන

රාධාදෝ නුඹ
යමුනා ගංතෙර //

ඉඟ සුඟ මුදු බඳ
කෝමළ නර්ථන
මා නෙතු යුවලට සීමා කළ මැන //

කරළිය පාමුළ දෑස අඳුරු කර

රාධාවෙනි නුඹ
එනු මැන මා වෙත //

නර්තන ලීලා මා මන බන්දන
නෙතු සිතු මායා අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධාදෝ නුඹ
යමුනා ගංතෙර

රාධාදෝ නුඹ
යමුනා ගංතෙර ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment