Song Title : Namuko Kimidi (නාමුකෝ කිමිදී)
ගායනය : ආනන්ද සමරකෝන් සහ ස්වර්ණා ද සිල්වා
පද හා තනුව : ආනන්ද සමරකෝන්
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී
ගිං ගඟේ සීතල ජලාසේ
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී
ආකාසේ නිල් පාටින් සුදිළෙයි
ඒ නිල් ජලේ කැවී කදිමයි
පීන යං කරමින ජල ක්රීඩා //
ඉන් ගත සනසයි නිවයි විඩා //
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී
හිනිදුම කන්දයි ඈත පෙනෙන්නේ
නිලට නිලේ දාගැබ වැන්නේ
එහි සිටදෝ මේ ගඟ එන්නේ
ඒකද මේ ජලේ නිල් වුණේ //
ගිං ගඟේ සීතල ජලාසේ
නාමුකෝ කිමිදී නැගනියේ
නාමුකෝ කිමිදී
හා හා ගැඹුරට නොයන් සුදූ
දිය වැලකට ඔබ අසුවෙයි නේ //
ගසා ගියොත් මා සැඩ පහරේ //
බේර ගෙන එමි නිමේෂයේ //
නාමුකෝ කිමිදී
නැගනියේ
නාමුකෝ කිමිදී //
0 comments:
Post a Comment