Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ

Miyulasiye Song Lyrics - මියුලැසියේ ගීතයේ පද පෙළ
Song Title : Miyulasiye (මියුලැසියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : මහේෂ් රත්සර මද්දුමආරච්චි
තනුව හා සංගීතය : අරුණ ලියාන්
තඹපාට හැන්දෑව ටෙලි නාට්‍යයෙන්.


මියුලැසියේ මගෙ මියුලැසියේ

සිනහ සඟවගෙන කඳුළු තබා ගිය
මියුලැසියේ සිත තාම අවදියෙනි
එදා වගේ තවමත් හැන්දෑවට
ඔබේ සිනා හඬ නැඟේ ඇසේ මට
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

සියල්ල අහිමිව බිඳී විසිරිලා
දුක පමණක් නොබිඳී ඇත රැඳිලා
මතකය විතරක් වත්කම කරලා
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

වත්සුණු සුවඳට ඉවකර හදවත
පර මල් යහනක සැතපෙනකොට අද
සිතිවිලි අවදිව මතකය හැඩිවී
සඳින් සඳට යෞවනයත් ගෙවිලා
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ
මියුලැසියේ මගෙ මියුලැසියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment