Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ

Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ

Mihiriye Nube Song Lyrics - මිහිරියේ නුඹේ ගීතයේ පද පෙළ
Song Title : Mihiriye Nube (මිහිරියේ නුඹේ)
ගායනය : අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරි
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක


මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

ස්වේත මීදුමින් රෑම වෙලීලා
සීත මුවහත් මුවාව මුදෝලා

මාගේ පයේහි නූපුර හිනාව
පය ඉහළින් නද දුන් නිසා
හීතල නැසේවි
පාමුල වැටේවි
ආයෙත් ඉපදේවා කියා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා

සොඳුරු සොඳුරු අනතුරුම වෙනවනම්
අඳුර අඳුර මිහිරිදැයි මොනතරම්
මාගේ ළයේහි තාමත් දිසේවි
සඳරැස් හී සැර වැදීලා
මා නෙතු පියේවි නිදි නම් නොඒවි
හිත රෑ අහසේ විසි කළා

මිහිරියේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා
දන්නේ රැයම තමා

මිහිරේ නුඹේ මිහිරෙන් මිදී
මා යනු කොහේ කියා
දන්නේ රැයම තමා
ඒ ගැන මටත් වඩා

මේ ආදරය තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment