Marun Dapa Binda Song Lyrics - මරුන් දප බින්දා ගීතයේ පද පෙළ

Marun Dapa Binda Song Lyrics - මරුන් දප බින්දා ගීතයේ පද පෙළ
Song Title : Marun Dapa Binda (මරුන් දප බින්දා)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : පූජ්‍ය නෙළුවාකන්දේ ඥානානන්ද හිමි
තනුව : දර්ශන රුවන් දිසානායක


මරුන් දප බින්දා
කෙළෙස් මළ සින්දා
ලොවේ ලොව්තුරු බව පසක් කළ
තථාගත හිමි පා කමල් වැන්දා
පා කමල් වැන්දා

පැළට මැදුරට නොකර වෙනසක්
මිතුරු රුපුනට නොමැත අහිතක්
ලොවේ ඔබ මිස කවුරු වේවිද
අසම සම උතුමෙක්
අසම සම උතුමෙක්
අසම සම උතුමෙක්

සුර අසුර නා දෙව් බඹුන්ටත්
සදා සැනසෙන මඟ කියාදුන්
තිලොව ඔබ හැර කාට නම් වෙද
අසම සම නැණසක්
අසම සම නැණසක්
අසම සම නැණසක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment