Mannaram Muthu Werale Song Lyrics - මන්නාරම් මුතු වෙරළේ ගීතයේ පද පෙළ

Mannaram Muthu Werale Song Lyrics - මන්නාරම් මුතු වෙරළේ ගීතයේ පද පෙළ
Song Title : Mannaram Muthu Werale (මන්නාරම් මුතු වෙරළේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : දර්ශන රුවන් දිසානායක


මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න

මුරුගසන් වැස්ස නැවතී දුක් ගින්දර නිවිලා
පේසාලෙයි හන්දිය ළඟ පිච්ච මලක් පිපිලා
පිච්ච මලක් පිපිලා

ඉහිරුණු කිරි දෙන්නට බැරි මට වරදක් නොකියා
ඔබට හැකිද හිනාවෙන්න මගේ දිහා නොබලා
මගේ දිහා නොබලා

කච්චේරිය වැලි මිදුලේ සෙල් ලිපියත් බිඳිලා
බොඳවී ගිය ඉතිහාසේ පෙම් කවි පද මැකිලා
පෙම් කවි පද මැකිලා

නැතිවුණු දේ සොයාදෙන්න මට බැරි බව හිතලා
ශාන්තිනී හිනැහෙනවද මගේ කදුළු පිසදා
මගෙත් කඳුළු පිසදා

මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න

පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
තනියම හිනැහෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment