✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සිහින්ව ගාගත් මඤ්ඤොක්කා කෝප්ප 1 ක්
- ගාගත් පොල් කෝප්ප 1 ක්
- පාන් පිටි මේස හැඳි 1ක්
- ලුනු අවශ්‍ය පමන (තේ හැඳි 1/2 ක් පමණ)
- බැදීම සඳහා තෙල්
පිරවුම සඳහා :
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
(කට්ලට් වලට මෙන් තෙම්පරාදු කර ගත් කරි)
- රට ලූනු ගෙඩි 1ක්
- අමු මිරිස් කරල් 1ක්
- කරපිංචා කොල ටිකක්
- මස්,මාලු හෝ සැමන් අවශ්‍ය පමණ
- තලාගත් සුදුලූනු බික් එකක් පමන
- කෑලි මිරිස් තේ හැඳි 1ක් පමන
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ලුනු කුඩු අවශ්‍ය පමන
✅ පිරවුම සාදා ගන්නා ආකාරය :
- 🌸 සියල්ල හොඳින් තෙම්පරාදු කර ගන්න.
✅ සාදා ගන්නා ආකාරය :
- 🌸 මඤ්ඤොක්කා පොතු ඉවත් කර සිහින්ව ගා ගන්න. (දිය ගතිය මිරිකා ඉවත් කර ගන්න)
- 🌸 ගාගත් පොල්, මඤ්ඤොක්කා ,ලුනු , පාන් පිටි හොඳින් මිශ්‍ර කරන්න.
- 🌸 දැන් කුඩා ප්‍රමාණයක් ගෙන අල්ලෙ රවුමක් ආකාරයට තුනී කර ගන්න.
- 🌸 තෙම්පරාදු කර ගත් පිරවුම ඒ මැදින් තබා දිගටි හෝ රවුම් ආකාරයට සකසා ගන්න.** පිරවුම මඤ්ඤොක්කා මිශ්‍රණයෙන් හොඳින් වැසිය යුතුයි.
- 🌸 දැන් ගැඹුරු තෙලෙහි රන්වන් පාට වනතුරු බැද ගන්න.
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment