Song Title : Mal Tharuna Samaya (මල් තරුණ සමය)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ කාන්ති වික්‍රමසිංහ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : නිමල් පෙරේරා
මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා //
ඔබෙ අතමයි හෙට දවසේ මගෙ රට දියුණට ඇත්තේ
අඩ අඳුරේ ඔබ ගිලුණොත් මගෙ රට පරහට අත්වේ //
හැම තත්පරයක් පාසා දැය දියුණට සිත ගත පා //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //
මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා //
දැය දිණුවොත් අපි දිණුවා මුළු ලොව අප හට යට වේ
ලොව දිණුවොත් අප පැරදී මොකටද ඵල නැත සොයුරේ //
එනු මැන සොයුරනි අප හා නැගුමට ඔබ දිණු රට දෑ //
එන්න සොයුර එන්න මිතුර පෙරට පා තබා //
මල් තරුණ සමය රන් මසුරන් වටිනා නිසා
කිසි දිනෙක නො ඉනු සොහොයුරණේ ගැතියන් නියා ////
0 comments:
Post a Comment