Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ

Kohedo Dura Atha Kutiyaka Song Lyrics - කොහේදෝ දුර ඈත කුටියක ගීතයේ පද පෙළ
Song Title : Kohedo Dura Atha Kutiyaka (කොහේදෝ දුර ඈත කුටියක)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා


කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඔබට තුරුළුව පුංචි පැටවුන් අතින් අල්ලා ගෙන
සිහින සක්මන් කළා එදවස
මතක් වෙනවා මට
මොහොතකටවත් මතක් වෙනවද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඈත කදුවැටි සිසාරා එන විරහ ගීයක හඬ
සුළඟ ඇවිදින් කියා දෙනවා
කණට කොඳුරා මට
දුකක් කියලා දෙයක් දැනුනද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment