Kandulu Pathum Thun Sithin Dara Song Lyrics - කඳුළු පැතුම් තුන් සිතින් දරා ගීතයේ පද පෙළ

Kandulu Pathum Thun Sithin Dara Song Lyrics - කඳුළු පැතුම් තුන් සිතින් දරා ගීතයේ පද පෙළ
Song Title : Kandulu Pathum Thun Sithin Dara (කඳුළු පැතුම් තුන් සිතින් දරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : උපාලි ධනවලවිතාන
තනුව : සරත් දසනායක
1982 දී තිරගතවූ 'තණ ගිරවි' චිත්‍රපටියේ ගීයකි


කඳුළු පැතුම් තුන් සිතින් දරා
සඵල පැතුම් පොදි කරපින්නා
සමුගෙන වෙන්වී අත්වැල් බැඳ යන
නැවතුම්පොළ හමුවේ
පාළුව බිඳිනා රෝස මලක පෙති
ඉහ ඉද්දර තනිවේ

විකසිත සිතුවිලි දෑස අයාගෙන
ඈතින් අවි ගෙන බලා සිටින සඳ

හදවත විමසන මතකය වලලා
සමනල දේසේ පියා සලන්නද

කළුවර සොහොනේ රෑ තුන් යාමේ
කාගෙද රුව මතුවේ

ඝණඳුර අතරේ ඇතිවී නැතිවෙන
අතීතයට මා කැඳයන ඒ රුව
කඳුළු අගාධෙන් එහා ලෝකයට
සතර රියනකට හිත ගෙන යන්නද

මගේ දෙපා ළඟ ඉකි බිඳ හැඬුමට
අළුත් මලක් පිබිදේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment