Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ

Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ
Song Title : Ikigasa Hadana Athithayaka (ඉකිගසා හඬන අතීතයක)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක
සමනළ සංධ්වනිය සිනමා කෘතියෙන්..


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරණා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment