Song Title : Hena Hatha Wadiyan (හෙණ හත වැදියන්)
Vocals : Kanishka Kavirathna
Lyrics : Yashodha Adikari
Melody/Music Produced by : Kanishka Kavirathna
හෙණ හත අකුණු මාරක තොට වදින්නේ
කන බොන දෙයක් ලේ බඩ වී ගලන්නේ
කළ පව් උඹට මතකද අපි නොදන්නේ
වෙන මක් කරම්දෝ නොදැනයි ලියන්නේ
කඩවර හූනියම් දෙවිඳුනි මේ වැන්දා
වරදට පහරදී බිලි දීපන් උන්දා
පොලයක් බිඳෙන සේ කටුකර ඒ පෙන්දා
කඳුළැලි නවතපං අපි අසරණ හින්දා
දෙවි මැද කාලි බල තෙද සවි ඇති අම්මා
දැක මේ කඳුළු උං මරපං හිත නම්මා
ගිනි හද හූනියම් දෙවි බලයෙන් දම්මා
ඌ සහ උංගෙ ටික – කරපං සුම්මා
මැහුමෙන් මැහුම සැත්කම් බැමි කඩීයන්
නිදි නැති රැයක තොපි නොමැරී මැරීයන්
මිහිපිට කරුම ලෙස කිසිවක් තිබේ නම්
පිට පිට තොපිට වැහි නැති හෙණ වැදීයන්
0 comments:
Post a Comment