අපේ ලමා ලෝකය රසවත් කරපු තවත් රසවත් විස්කෝතුවක් මං අද ඔයාලට අරන් ආවා. වරදින්නෙ නැතුව රසට ගෙදරදිම හදාගෙන රස විඳින්න ඔන්න දැන් ඔයාලටත් පුළුවන් 😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 🌸 පාන්පිටි 250g ක්
- 🌸 බටර් 50g ක්
- 🌸 සීනි 100g ක්
- 🌸 බිත්තර 1 ක්
- 🌸 කිරිපිටි මේස හැඳි 1 ක්
- 🌸 බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
- 🌸 වැනිලා තේ හැඳි 1 ක්
✅ සාදා ගන්නා ආකාරය :
- 🌺 මුලින්ම පිටි සහ බේකින් පවුඩර් හලා පසෙකින් තබන්න.
- 🌺 දැන් භාජනයක් ගෙන බටර් ටික දමා මෘදු වනතුරු ගසා ගන්න.
- 🌺 එයට සීනි එකතු කර නැවත බීට් කරන්න.
- 🌺 දැන් එයට වැනිලා සහ බිත්තරය එකතු කර හොඳින් බීට් කර ගන්න.
- 🌺 එයට හලාගත් පිටි සහ කිරිපිටි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් එක ගුලියකට එනතුරු අනාගන්න.(වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ )
- 🌺 දැන් මේ අනාගත් ඩෝ එක සමාන කොටස් වලට කඩා බෝල සාදා ගන්න.
- 🌺 සාදාගත් බෝල අල්ල මත තබා පැතලි කරන්න.
- 🌺 දැන් ඒ මත වතුර ආලේප කරන්න.
- 🌺 දැන් පැතලි බඳුනකට සීනි ටිකක් දමා ගන්න.
- 🌺 වතුර ආලේප කර ගත් පැත්ත සීනි භාජනය මත දමා හොඳින් ඒමත සීනි තවරා ගන්න.
- 🌺 දැන් බේකින් පේපර් එකක් එලා සකස් කරගත් තැටියක අඟලක් පමණ දුර තබමින් අතුරා ගන්න.
- 🌺 ඊලඟට 180 ° C න් විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක විනාඩි 15 ක් 20ක් පමණ පුලුස්සා ගන්න.
ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස කියන්නකෝ 💞💞💞💞
හෙළයේ රස මිහිර
අපගේ page එකටත් like කරන්න
0 comments:
Post a Comment