Song Title : Game Ennata Hithhen Naa Mata (ගමේ එන්නට හිතෙන් නෑ මට)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : සුනිල් ආර්. ගමගේ
තනුව : විශාරද ගුණදාස කපුගේ
ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා
වසර ගණනක් පෙරුම් පුරලත්
එක හිතක් නැත්නම් //
මගේ කඳුළට වේදනා මං
තනිව විඳගන්නම්
තනිව විඳගන්නම්
හිතේ ඇතිවුණ ආදරේ ගැන
නුඹට ඇයි රිදවුම් //
නුඹේ සෙනෙහස අහක ගියදෙන්
තනිව මං ඉන්නම්
තනිව මං ඉන්නම්
ගමේ එන්නට හිතෙන් නෑ මට
නඟේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලියුවත්
මෙහෙම මං ඉන්නා
මෙහෙම මං ඉන්නා
0 comments:
Post a Comment