පොල්කිරි කේක් හදමු (Coconut Milk Cake)

පොල්කිරි කේක් හදමු (Coconut Milk Cake) - Your Choice Way

අද මං ඔයාලට ඉතා පහසුවෙන් හා අඩු වියදමකින් හදා ගන්න පුළුවන් රසවත් කේක් වට්ටෝරුවක් තමයි අරගෙන ආවෙ. මෙහි විශේෂත්වය තමයි මං මේ කේක් එකට පාවිච්චි කලේ ගෙදර හදාගත් කොකනට් බටර් සහ පොල් කිරි.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🌷 බිත්තර 2 ක්
  • 🌷 පාන් පිටි පීරිසි කෝප්ප 1 ක්
  • 🌷 සීනි පීරිසි කෝප්ප 1 ක්
  • 🌷 උකු පොල්කිරි කෝප්ප 1/2 ක්
  • 🌷 බටර් / කොකනට් බටර් මේස හැඳි 2 ක්
  • 🌷 බේකින් පවුඩර් තේ හැඳි 1 ක්
  • 🌷 ලුණු තේ හැඳි 1/4 ක්
  • 🌷 වැනිලා තේ හැඳි 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌹 භාජනයක් ගෙන බිත්තර , සීනි සහ ලුණු දමා සීනි දියවන තුරු හොඳින් ගසා ගන්න.
  2. 🌹 පසුව එයට බේකින් පවුඩර් සහ පාන්පිටි එකට හලා එකතු කරන්න.
  3. 🌹 හොඳින් මිශ්‍ර කර ගන්න.
  4. 🌹 දැන් වෙනත් බඳුනක් ගෙන එයට බටර් සහ උකු පොල්කිරි දමා බටර් දියවන තුරු මද ගින්නේ රත් කරන්න.
  5. 🌹 එයට වැනිලා එක් කරන්න.
  6. 🌹 දැන් මෙම ද්‍රාවණය කේක් මිශ්‍රණය ට එකතු කර නැවත ගසා ගන්න.
  7. 🌹 දැන් කේක් මිශ්‍රණය බටර් ගා ගත් තැටියක දමා 170 °C උශ්ණත්වයේ විනාඩි 10 ක් රත් කරගත් අවන් එකක දමා විනාඩි 20 ක් 25 ක් පමණ බේක් කර ගන්න .( ඔයාලා කේක් එක පැතලි තැටියක දමනවා නම් විතරයි මේ වෙලාවෙදි බේක් කර ගන්න පුළුවන් , මම පාවිච්චි කරපු විදියෙ ලෝෆ් පෑන් එකක් පාවිච්චි කලොත් විනාඩි 45 ක් පමණ බේක් කරන්න වෙනවා)
  8. 🌹 කේක් එක බේක් වෙලාද කියලා ටූත් පික් එකක් හෝ ඉරටුවක් ගහලා බලන්න , බේක් වෙලා මදි වගේ නම් තව විනාඩි 5 ක් පමණ තියන්න .

මම මේ කේක් එක සරසා ගත්තෙ කොකනට් බටර් , අයිසින් සීනි සහ උකු පොල්කිරි ටික ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කර හදා ගත් ෆ්‍රොස්ටින් එකකින්. ඊට උඩින් ඩෙසිකේටඩ් කොකනට් අතුරා ගත්තා.මේවා මං ප්‍රමාණය වලට ගත්තෙ නැහැ .

ඔයාලත් හදලා බලන්න මේ කේක් එක හරිම සොෆ්ට් ඒවගේ ගොඩාක් රසයි. 

කොකනට් බටර් එක හදන විදිය ඔයාලා දන්නවා ඇති නොදන්න අයට මං හදා ගත් විදිය කියන්නම්.

කොකනට් බටර්
මුලින්ම පොල් වල දුඹුරු කොටස ගෑවෙන්නෙ නැති වෙන්න සිහින්ව පොල් කෝප්ප 2 ක් ගා ගන්න . පොල් කෝප්ප 2 කින් මං බටර් ග්‍රෑම් 100 ක් හද ගත්තා.

ඊට පස්සෙ නන්ස්ටික් පෑන් එකක් අරගෙන අඩු ගින්දරේ මේ පොල් ටික තෙත සිඳෙන තුරු හැඳි ගාමින් රත් කරන්න . තෙත ගතිය නැති උනාම  ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න . පොල් ටික පාට වෙනස් වෙන්නෙ නැති වෙන්න පරිස්සමට හදා ගන්න.

දැන් මේ පොල් ටික ග්‍රයින්ඩර් කප් එකට දාලා විනාඩි 8, 10 ක් පමණ විටින් විට නතර කරමින් හැන්දෙන් වටේ විහිදුනු පොල් එකතු කරමින් හොඳින් අඹරා ගන්න . මෙසේ කීප වතාවක් ග්‍රයින්ඩ් කරද්දි ඔයාලට පෙනේවි මේ පොල් ටික ද්‍රාවණයක් බවට පත් වෙනවා .එවිට ග්‍රයින්ඩ් කරන එක නතර කරන්න . දැන් ඔයාලට කොකනට් බටර් හැදිලා තියෙන්නේ . ඔයාලට පුළුවන් භාජනයකට මාරු කරගෙන ශීතකරණයේ දාලා තියා ගන්න.

ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ 😍 

හෙළයේ රස මිහිර
පොල්කිරි කේක් හදමු (Coconut Milk Cake) - Your Choice Way

පොල්කිරි කේක් හදමු (Coconut Milk Cake) - Your Choice Way
මේ තමයි මං ගෙදර හදපු කොකනට් බටර් .මේ විදියට මිදිලා තියෙන්නේ ශීතකරණයේ දාලා ගත්තට පස්සෙ. නැත්නම් ඔයාලට ලැබෙන්නෙ ද්‍රාවණයක් විදියට.

පොල්කිරි කේක් හදමු (Coconut Milk Cake) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment