චීස් ගෙදර හදමු (Cheese Hadamu)

චීස් ගෙදර හදමු (Cheese Hadamu) - Your Choice Way

මේ දිනවල ගෙදර හදන චීස් මුහුණු පොත පුරාම දකින්න ලැබුණා. ඉතිං මටත් හිතුනා හදලා බලලා ඔයාලා එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න ඕන කියලා 😍.පැහැදිලිවම කියනවා අදහස මගෙ නෙමෙයි මුහුණු පොතෙන් ගත්තා.නමුත් එකතු කල ද්‍රව්‍ය මට අවශ්‍ය ප්‍රමාණ වලින් යොදාගෙන තමයි මං මේ චීස් හැදුවෙ.ජෙලටින් එකතු කරලා හදන චීස් එකක් නිසා කුඩා දරුවන් ට දීම කොතරම් දුරට සෞඛ්‍යාරක්ෂිත ද කියන්න නම් මම දන්නෙ නැහැ . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍂 කිරි ලීටර් 1 ක් (ෆ්‍රෙශ් මිල්ක් / එලකිරි / පිටිකිරි)
  • 🍂 විනාකිරි මේස හැඳි 2 1/2 ක්
  • 🍂 ජෙලටින් තේ හැඳි 2 1/2 ක්
  • 🍂 ලුණු තේ හැඳි 1/2 ක්
🍁 පිටිකිරි පාවිච්චි කරනවා නම් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයකින් මේස හැඳි 8 ක් ජලය ලීටරයක දිය කරලා ගන්න.

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♨️ කිරි වලින් කෝප්පයක් අයින් කර ගන්න .
  2. ♨️ ඉන් කෝප්ප 1/2 ක් ගෙන ජෙලටින් දමා මිශ්‍ර කර පෙඟෙන්න තබන්න .
  3. ♨️ ඉතිරි කෝප්ප 1/2 පසෙකින් තබා ගන්න.
  4. ♨️ දැන් භාජනයක් ගෙන එයට කෝප්පයක ප්‍රමාණයක් ඉවත් කරගත් ඉතිරි කිරි ටික පෙරා එකතු කරන්න .
  5. ♨️ දැන් මද ගින්දරේ ඇඟිල්ල දමන්න පුළුවන් වන ප්‍රමාණයට රත් කර ලිප නිවන්න.
  6. ♨️ රත් කරගත් කිරි වලට විනාකිරි ටික ටික එකතු කරමින් මිශ්‍ර කරන්න .
  7. ♨️ දැන් ඔයාලට  පෙනේවි කිරි කැටි ගැසී ලාකොල පැහැයට වතුර ඉතිරි වෙනවා .
  8. ♨️  කිරි කැටි වෙන්න විනාකිරි මදි වගේ නම් තව පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්න.මට අවශ්‍ය උනේ මේස හැඳි 2 1/2 ක් පමණ යි. ලොකු ප්‍රමාණයක් එකතු කර ගන්න එපා චීස් එකේ විනාකිරි සුවඳ , රස දැනෙන්න පුලුවන් .
  9. ♨️ දැන් පිරිසිදු රෙදි කැබැල්ලකින් මේ කිරි ටික පෙරා ගන්න.
  10. ♨️ පෙරාගත් කිරි කැටිවල වතුර මිරිකා ඉවත් කර ගන්න.
  11. ♨️ දැන් මේ වතුර ඉවත් කරගත් කිරි, ලුණු සහ ඉතිරි කරගත් කිරි කෝප්ප 1/2 එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.
  12. ♨️ පසුව භාජනයක් ගෙන කිරි වල පෙඟෙන්න දමා තිබූ ජෙලටින් එකතු කර මද ගින්නේ හැඳි ගාමින් ජෙලටින් දියකර ගන්න.
  13. ♨️ ජෙලටින් හොඳින් දියවූ පසු බ්ලෙන්ඩ් කරගත් කිරි මිශ්‍රණය ද එයට එකතු කර තරමක් ඝනවන තුරු හැඳි ගාන්න.
  14. ♨️ විනාඩි 5 කින් විතර මිශ්‍රණය ඝන වෙනවා එවිට ලිපෙන් ඉවතට ගෙන භාජනයකට දමා නිවෙන්න තබන්න .
  15. ♨️ හොඳින් නිවුනු පසු ශීතකරණයේ දමා පැය 2,3 කින් හොඳින් සෙට් වෙනවා,කෑලි කපා රස විඳින්න පුළුවන් 😍

හොඳ රසයක් වගේම හොඳ සුවඳක් තියෙනවා.විනාකිරි දැම්මා කියලා විනාකිරි රසවත් සුවඳවත් චීස් වල තිබුනෙ නැහැ . ඔන්න එහෙනම් ඔයාලත් චීස් හදාගෙන ඉන්න 😍😍😍😍 මේ චීස් එකතු කරලා මං හදා ගනිපු පීසා රෙසිපියත් ඉක්මනින් මං ඔයාලට අරන් එන්නම්.

හෙළයේ රස මිහිර
චීස් ගෙදර හදමු (Cheese Hadamu) - Your Choice Way

චීස් ගෙදර හදමු (Cheese Hadamu) - Your Choice Way

චීස් ගෙදර හදමු (Cheese Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment