Song Title : Baa Baa Gedara Yanna Baa (බෑ බෑ ගෙදර යන්න බෑ)
ගායනය : යූ. ආරියවිමල් සහ අනුලා බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ ගීයකි.
බෑ බෑ ගෙදර යන්න බෑ //
ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ //
පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ //
සිර මැදිරිය හැරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ
ඉගිල යන්න ඇයි බැරී //
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ //
බෑ බෑ ගෙදර යන්න බෑ //
ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ //
කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා //
විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිලියන් තාරාවා //
බෑ බෑ ගෙදර යන්න බෑ //
ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ //
දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා //
බෑ බෑ බෑ බෑ
දිය පීනා එයි තාරාවා
ඉගිලී පල කලු තාරාවා //
0 comments:
Post a Comment