Awishwasayak Sithhi Mawagena Song Lyrics - අවිශ්වාසයක් සිත්හි මවාගෙන ගීතයේ පද පෙළ

Awishwasayak Sithhi Mawagena Song Lyrics - අවිශ්වාසයක් සිත්හි මවාගෙන ගීතයේ පද පෙළ
Song Title : Awishwasayak Sithhi Mawagena (අවිශ්වාසයක් සිත්හි මවාගෙන)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ආනන්ද සමරකෝන්
සංගීතය : ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා //
බලත්ව යන හැටි මේ විලසා //

අවිශ්වාසෙ මන ශාන්ති නසයි
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
හො ඔඔ ඕ.... ඕ ඕ ඕ ඔඔ ඕ ඕ....

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වූ අවිශ්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවළක හෝ අඹු සැමි දෙදෙනෙකු
අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙළ දමයි මෙ රකුසු තෙමේ
බිඳ හෙළ දමයි මෙ රකුසු තෙමේ

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා

බලත්ව යන හැටි මේ විලසා //

මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුනි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කර්මේ

ජීවන නම් වූ මේ රඟමඬලේ
රඟනා නළුවෙකි මොහු සිහි විකලේ

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා

බලත්ව යන හැටි මේ විලසා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment