Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ

Awasana Premaye Song Lyrics - අවසාන ප්‍රේමයේ ගීතයේ පද පෙළ
Song Title : Awasana Premaye (අවසාන ප්‍රේමයේ)
ගායනය : ඔෂානි සන්දීපා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු


අවසාන ප්‍රේමයේ කඳුලේ
උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
වරද මාගේ අතේ තිබුනේ
හිත සැකෙන් පෙලිලා කඳුළු ඉස්සර වුනා

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

මතක සැමරුම් එකතුකරලා
පපුව ගැඹුරේ නිදන්කෙරුවා
වැටහුනෙ අදයි ඔබගෙ සෙනෙහේ
මියැදෙයිද මා කඳුළු අතරේ

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

කඳුළු ගැරහුම තනිව විදලා
හිතට නුහුරුයි තනිව ඉදලා
ඔබම විතරයි ඇත්තෙ මනසේ
මියැදෙන්න බෑ සිහින අතරේ

ඉක්මණින් එන්න දැන් - බෑ තනිව ඉන්න නම්
තවත් විදවන්න - දෙන්නෙපා මට ඉතින්

මට සමාවෙනවාදෝ
ආයෙමත් එන්නකෝ ඔයා
මගෙ බොලද ආදරේ වැඩිකමට
මං ආයේ කලබල වුනා

අවසාන ප්‍රේමයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment