Asoka Wanaye Saranne Song Lyrics - අසෝක වනයේ සරන්නේ ගීතයේ පද පෙළ

Asoka Wanaye Saranne Song Lyrics - අසෝක වනයේ සරන්නේ ගීතයේ පද පෙළ
Song Title : Asoka Wanaye Saranne (අසෝක වනයේ සරන්නේ)
ගායනය : ඔල්බන් පෙරේරා සහ මායා දමයන්ති පෙරේරා
පද රචනය : හේමසිරි හල්පිට
තනුව : සරත් ද අල්විස්


අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

කුමාරියක් වගේ
අහිංසකාවියේ
දුකින් දුගී පැලේ
තැවෙන්නෙපා මෙසේ
කුලේ ධනේ බලේ
නැතේ ලඳේ අගේ
සමානතාවයේ
හැඟුම් සිතේ ඇතේ

උසස් නොවූ කුලේ
උපන්නෙමී ලොවේ
දුකින් දුගී පැලේ
වෙසෙන්නෙමී මං

අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

අසෝකමාලියේ
සුපෙම්බරාවියේ
අසන්නකෝ ලඳේ
පැතුම් මගේ හදේ
ඔබේ රුවයි මගේ
නෙතේ ඇඳී ගියේ
සෙනේහයයි මගේ
සිතේ පිරී ගියේ

හැඟුම් ඇතත් සිතේ
සිතත් බියෙන් සැලේ
පහත් රොඩී රැහේ
ළඳක් වෙමී මං

අසෝක වනයේ සරන්නේ
අසෝක මල් දෝ නෙළන්නේ
අසෝකමාලා යයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ

කුමාර ලීලා පෙනෙන්නේ
කුමාර තාලෙන් වඩින්නේ
කුමාරයෙක් ද මා නොදන්නේ
උදාර රාජ වංශයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asoka Wanaye Saranne Song Lyrics - අසෝක වනයේ සරන්නේ ගීතයේ පද පෙළ Asoka Wanaye Saranne Song Lyrics - අසෝක වනයේ සරන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 16, 2022 Rating: 5

0 comments:

Post a Comment