තැම්බුම් හොදි හදමු (Thambum Hodi)

තැම්බුම් හොදි හදමු (Thambum Hodi) - Your Choice Way

අද මම ඔයාලට ගෙනාවෙ වටිනා පානයක වට්ටෝරුවක් . තැම්බුම් හොදි . ඉතිං මේ දිනවල පවත්නා කොරෝනා වසංගතයෙන් පෙලෙන අයට  විතරක් නෙමෙයි සාමාන්‍ය අයට උනත් පානයට ඉතාමත් යෝග්‍ය, ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන දිව ඔසුවක් කියලා හිතෙනවා .

මුලින්ම මෙමගින් ලැබෙන ප්‍රයෝජන ටිකක් මං ඔයාලට කියන්නම්.
  • ආහාර රුචිය ඇතිකර ජීර්ණය පහසු කිරීම.
  • ප්‍රතිශක්තිය වර්ධනය කර රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම.
  • අජීර්ණය තත්වයන් සමනය කිරීම.
  • මල, මුත්‍රා පහසුවෙන් බැහැර කිරීම.
  • වාත රෝග සමනය කිරීම.
වැනි තවත් ප්‍රතිලාභ රැසක් ලැබෙනවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කොත්තමල්ලි මේස හැඳි 1 ක්
  • සූදුරු මේස හැඳි 1 ක්
  • ගම්මිරිස් ඇට 20 ක්
  • උළුහාල් තේ හැඳි 1/2 ක්
  • සුදුළූනු බික් 5 ක්
  • රතුළූනු ගෙඩි 10 ක්
  • ඉඟුරු අඟලක කැබැල්ලක්
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරපිංචා ඉති 1 ක්
  • ගොරකා කැබැල්ලක්
  • සියඹලා මද 5,6 ක් පමණ
  • අවශ්‍ය පමණ ලුණු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🌼 මැටි වලඳක් ගෙන සුදුළූනු ,අමු ඉඟුරු සහ රතුළූනු  පෙති කපා එයට දමන්න.
  2. 🌼 සූදුරු , කොත්තමල්ලි සහ ගම්මිරිස් තලා එයට එකතු කරන්න , නැත්නම් අඹරා දමන්න.
  3. 🌼 අනෙකුත් ද්‍රව්‍ය ද එයට එකතු කර අතින් හොඳින් පොඩි කරන්න.
  4. 🌼 ඉන්පසු වතුර අඬු කෝප්ප 5ක් පමණ එකතු කර ලිපතබා බාගයකට සිඳුවා ගන්න.
  5. 🌼ලුණු , ඇඹුල් පදම බලා රසය මදි නම් එකතු කර බීමට ගන්න. ඇඹුල් රසය මදි නම් දෙහි ඉස්ම ටිකක් එකතු කර ගන්න.
🎈 බඩ විරේක වී දුර්වල වූ ලෙඩුන්ට සියඹලා වෙනුවට තව ගොරකා කැබැල්ලක් එකතු කර ගන්න. ඇඹුල් මදි නම් දෙහි යුශ ටිකක් එකතු කර බීමට දෙන්න.

හෙළයේ රස මිහිර
තැම්බුම් හොදි හදමු (Thambum Hodi) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment