Song Title : Sara Sanda Hamuwe (සරා සඳ හමුවේ)
ගායනය : කුෂානි සඳරේඛා
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ
ඒත් අද ඔබ කොහේ
කොතැනක ගියා දැයි නොදැනේ
සෙනේබර අම්මේ
පිපී හිනැහෙන මල් සුවඳ තවරා
ඇල් පවන් රොද කවුළුවෙන් හැමුවා
ඒ සුවඳ තුළ ඔබෙ සුවඳ සඟවා
මෙහි එවන්නට ඇතැයි මට සිතුනා
විලේ දිය මත සුදු නෙළුම් පිපිලා
සඳ එළිය මැද නිසසලව දිලුණා
ඒ නෙළුම තුළ ඔබෙ රුසිරු සඟවා
ඇති බවක් මට ඉබේටම දැනුණා
සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ
ඒත් අද ඔබ කොහේ
කොතැනක ගියා දැයි නොදැනේ
0 comments:
Post a Comment