Song Title : Samanala Ranayi Ra Handapanayi (සමනල රෑනයි රෑ හඳපානයි)
ගායනය : දීපිකා ප්රියදර්ශනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා //
නිල් වන රේඛාවේ
රෑ කෝකිල ගී රාවේ
කාලය පැන යයි
එන්න ඉගිල්ලී
තාමත් සඳ ඇවිළේ //
දෙසිතක පෙම්
සුවඳ නොහිම්
විඳිමු ඉතින්
සමනලයෝ
සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා
සුන්දර මල් වාරේ
මල් සුවඳයි ගං තීරේ
හිම කඳු යායේ
පෙම් රජ දහනේ
රෑටත් මල් පීදේ //
මියුරු සුරම්
ගී මනරම්
ගයමු ඉතින්
සමනලයෝ
සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා //
0 comments:
Post a Comment