Raja Pelapathaka Song Lyrics - රජ පෙළපතක ගීතයේ පද පෙළ

Raja Pelapathaka Song Lyrics - රජ පෙළපතක ගීතයේ පද පෙළ
Song Title : Raja Pelapathaka (රජ පෙළපතක)
ගායනය : දමිත් අසංක
සංගීතය : දමිත් අසංක
පද රචනය : දමිත් අසංක


රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබේ සිතට ආදරේ කළා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා
කුල ගොත හදන කඳුලැල් නිවා
මගේ අගරැජිණ කරගමී ඔයා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment