Pem Ginna Evileyi Song Lyrics - පෙම් ගින්න ඇවිළෙයි ගීතයේ පද පෙළ

Pem Ginna Evileyi Song Lyrics - පෙම් ගින්න ඇවිළෙයි ගීතයේ පද පෙළ
Song Title : Pem Ginna Evileyi (පෙම් ගින්න ඇවිළෙයි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ද ලැනරෝල් (ඇන්ජලින් ගුණතිලක)
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ස්වතන්ත්‍ර නිර්මාණයක් ද යන්න තහවුරු කර ගත නොහැක.
සංගීත අධ්‍යක්ෂණය : ආර්. මුත්තුසාමි
1961 දී තිරගතවූ "සුවිනීත ලාලනී" චිත්‍රපටියේ ගීයකි.


ආ.... ආආ ආ.......
ආආ ආ.......
අඅ අඅ ආ....

පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්

පෙම් ගින්න ඇවිළෙයි (ආ ආ..)
ආසාව වැඩිවෙයි (ආ ආ..)
ළං වෙන්න අත දෙන්න (ආ ආ..)
හිනැහෙන්න ආලෙන්

ආ අඅ ආ
ආ අඅ ආ
ආ....අ අඅ ආ..
ආ....අ අඅ ආ..

ආලේ කියා දීල පෙම් මල් නෙළාලා
මා මත් කළා නේද පෙම් ගී කියාලා //

ප්‍රේමේ විනෝදේ ඔයා දන්නෙ නෑනේ //
සන්තෝසෙ ආ දා නොවෙයි ප්‍රේමෙ බාධා
සන්තාපෙ නැති දා සැනසීම ආවා //

පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්

දෙන්නා ළඟින් ඉන්නවානම් නොවෙන්වී
ඉස්තීර වෙයි නේද ආලේ නොසෙල්වී
ආසාව හින්දා සැපේ දෙන්න ළංවී //
පෙම් මල් පිපෙන්නේ හොඳයි නම් ප්‍රියාවී
එක්වීම ඇති දා පෙම් මල් පිපේවී //

පෙම් ගින්න නොදැනෙයි
ආසාව නොහැඟෙයි
දුක දන්න කෙනෙකුන්ට සැප දෙයි ද ආලෙන්

පෙම් ගින්න ඇවිළෙයි
ආසාව වැඩිවෙයි
ළං වෙන්න අත දෙන්න
හිනැහෙන්න ආලෙන්

ආ.... ආආ ආ.......
ආආ ආ.......
අඅ අඅ ආ....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment