Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ

Oba Sandath Wasa Sitiya Song Lyrics - ඔබ සඳත් වසා සිටියා ගීතයේ පද පෙළ
Song Title : Oba Sandath Wasa Sitiya (ඔබ සඳත් වසා සිටියා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ //

මම වියමන් කළ පළසේ
ඔබෙ පා යුග සිඹින වෙලේ //
මළපුඩුය එලා තිබුණේ
ඔබ මා යන ගමන්තලේ

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ

මම මල්කම් කළ යහනේ
ඔබ සිටියදි මධු සිහිනේ //
අගු පිලකි ශේෂ වූයේ
මට ඔබගේ රජ දහනේ

ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment