Song Title : Oba Giyama Duka Mata Di (ඔබ ගියාම දුක මට දී)
ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී //
ඔබ ගියාම දුක මටදී
හිරු හදිස්සියෙන් මියැදී //
ලොව සැණෙන් අඳුරෙ ගිලුනී
හිරු උමතු දුකින් දැවුනි //
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී //
ඔබ ගියාම දුක මටදී
ඔබ ගියා කියා නොසිතී //
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළද ඔබම දකිමි //
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකි
ටජ්මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී
0 comments:
Post a Comment