Me Jeewana Gangadharaye Song Lyrics - මේ ජීවන ගංගාධාරයේ ගීතයේ පද පෙළ

Me Jeewana Gangadharaye Song Lyrics - මේ ජීවන ගංගාධාරයේ ගීතයේ පද පෙළ
Song Title : Me Jeewana Gangadharaye (මේ ජීවන ගංගාධාරයේ)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


අවිද්‍යාවෙන් විද්‍යාවට
අන්ධකාරයෙන් ආලෝකයට
අසත්‍යයෙන් සත්‍යයට

හහා.. හාහා.. හාහා.. ////

මේ ජීවන ගංගාධාරයේ
දෙපස පිපී ඇති ප්‍රාර්ථනා මල්
නෙළා නොගන් මිතුරේ
(නෙළා නොගන් මිතුරේ)
නෙළූ මලේ නටුවෙන් ගලයි රතු ලේ
(රතු ලේ ..  රතු ලේ ..  රතු ලේ ..)
රතු ලේ මුසුවෙයි
නීල වර්ණ වූ ජීවන ගංගාධාරයේ
මේ ජීවන ගංගාධාරයේ

හහා හහා ... ////

ප්‍රාර්තනාවන් ප්‍රාර්තනා සේ
තබාගන්න මිතුරේ
ඉටු කරගත් ඒ ප්‍රාර්ථනාවෙන්
ගලයි රතු ලේ
(රතු ලේ ..  රතු ලේ ..  රතු ලේ ..)
ප්‍රාර්ථනාවන් පිරුණු ලොවේ සිට
ගී ගයනා මට ප්‍රේම කරන්
යාබද අසුනේ හිඳ ගී අසනා
සහෘදයන්හට ප්‍රේම කරන්
මේ ජීවන ගංගාධාරයේ

හහා හහා ... ////

හෙට දින ඉදිවන පෙමින් පිරුණු ලොව
උනුන් වැළඳ සිප සැනසෙමු පිය මිතුරේ
පෙමින් පිරුණු ලොව
(පෙමින් පිරුණු ලොව)
එකම රටක් ලෙස
(එකම රටක් ලෙස)
එකම දැයක් ලෙස
නැඟී සිටිමු මිතුරේ
(නැඟී සිටිමු මිතුරේ)
ගැටී මියෙමු මිතුරේ
(ගැටී මියෙමු මිතුරේ)
මේ ජීවන ගංගාධාරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment