Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ

Mata Kandulu Enna Kaliyen Man Dama Yanna Song Lyrics - මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Kandulu Enna Kaliyen Man Dama Yanna (මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : මහින්ද බන්ඩාර


මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න

මේ පුරහඳකට පොහොය ලැබෙන අනිතිම මොහොතයි
හෙට අවපස වී මන් එනකොට අඬන්න නරකයි
තව එපා ඉන්න ආ
තව එපා ඉන්න
ඔය ඇස් බැලුවම මට බැහැ හෙට තැලි අඳින්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න

සඳ වෙන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අප ළඟමයි
දැන් ඉතින් යන්න ආ
දැන් ඉතින් යන්න
අතැඟිලි වැටුණම බැරිවෙයි මුදු පළඳවන්න

මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න
මට කඳුළු එන්න කලියෙන්
මං දමායන්න
මට කඳුළු එන්න කලියෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment