Song Title : Kohe Ho Dan Hidinawa Athi Obath (කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්)
ගායනය : දීපිකා ප්රියදර්ශනී
පද රචනය : රවි සිරිවර්ධන
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභ පිරි සිහින විඳ තුන් සිතින්
සදා හමුවෙමු මඟ තොටේ මදහසින්
කොහේ හෝ දැන් හිඳිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිණුමක් ඇත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක් //
0 comments:
Post a Comment